අපේ ඉතුරුම් රජය හොරකම් කරලා

 ලංකාවේ ජන ජීවිතය ඉතාම අසීරු අඩියකට පත්ව ඇත. බොහෝ දෙනාට බඩු මිළ වැඩිවීම හා පෝලිම් තිබීම ප්‍රශ්න ලෙස පෙනුනත් සැබෑ අර්බුධය ඊට වඩා දරුණුය. ඩොලරය රු. 200 සිට රු. 369 වීම යනු රුපියල බාල්දු වීම ලෙස සරලව කීවත් එහි ප්‍රති විපාක ඉතාම දරුණුය. බැංකුවල මුදල් ඉතිරි කර තිබූ පුද්ගලයින්ගේ මුදලේ වටිනාකමින් 50% ක් රජය හොරකම් කර ඇත. ඔබට දැන් මිළදී ගත හැක්කේ 2022 ජනවාරියේ දී ගත් භාණ්ඩ වලින් භාගයකි. එසේම ජීවිත කාලයම රැකියාව කර ඉතිරි කර ගත් සේවක අර්ථසාධක අරමුදල දැන් භාගයකි. විශ්‍රාම ගොස් එම මුදලින් ජීවත් වීමට සිටි උදවිය දැන් අනාථ වී ඇත. මේ ව්‍යසනයට වගකිව කිව යුතු පුද්ගලයින් තවම සතුටින් රට සූරා කනු ලබයි.


Comments

Popular posts from this blog

සිවිල් අරගලයක් වැඩි ඈතක නොවේ.